Boot Menu

අද අපි කතා කරන්නේ Boot Menu එක ගැන. පරිගණකයක් Format කරද්දී වැදගත් කාරනා වලින් එකක් තමයි Boot Menu එක කියන්නේ. සරල තේරුමෙන් ගත් විට Boot Menu එක කියන්නේ පරිගණය Boot වීමට අවශ්‍ය පිළිවෙල තියෙන Menu එකට..


මෙම පින්තුරේ දැක්වෙන Boot Menu එක පැහැදිලි කරවා නම් මුලින්ම Computer එක Removable Device (Pen එකක්, External HDD එකක්) වලින් Boot වෙන්න උත්සහ කරනවා එහෙම Bootable Pen එකක් පරිගණකයට සම්බන්ද කර නැතිනම් දෙවෙනි device එකෙන් boot වෙන්න try කරනවා (Hard Drive එකෙන්) HDD එකෙත් OS එකක් නැතිනම් 3 වෙනි අවස්ථාවට යනවා , CD-ROM එකෙන් boot වෙන්න. මෙන්න මෙහෙම list of bootable devices තියෙන Menu එකක් අපිට Boot Menu එකක් විදියට හදුන්වන්න පුළුවන්.

Advanced Boot Options, Advanced startup options, Advanced troubleshooting modes වගේ බර වචන නොදා ඔන්න සරලව කියලා දුන්නා.

Format කිරීමේදී Boot Menu එක වැදගත් වන්නේ ඇයි ?

උදාහරණයක් විදියට දැනට windows 8.1 තියෙන මැෂින් එකකට අපි windows 10 දානවා කියලා හිතමු. අවශ්‍ය මුලික දේවල් කරාට පස්සේ (මේ මොනාද කියලා වෙනම ලිපියකින් කතා කරන්නම්) අපි DVD එක හෝ Bootable Pen එක PC එකට ගහලා restart කරනවා . මෙන්න මෙතැනදී තමයි Boot Menu එක වැදගත් වෙන්නේ. අපි පෙන් එකෙන් windows 10 දාන්න නම් හදන්නේ  Boot Menu එකේ උඩම (අංක එක ස්ථානයේ ) Hard Drive එක තිබුනොත් ,කොච්චර උත්සහ කරත් අපිට pen එක Boot කරගන්න වෙන්නේ නැහැ.. මොකද අංක 1 ස්ථානයේ තියෙන Device එකෙන් මැෂින් එක බුට් වෙන්න පුළුවන් නම් එතනින් එහාට බුට් මෙනු එකේ සම්බන්දයක් නැහැ . මැෂින් එක බුට් වෙනවා.

මේක විසදගන්නවට තමයි අපි Boot Menu එක හදනවා කියන්නේ. සරලව කිව්වොත් පෙන් එකෙන් boot කරන්න ඕනි නම් Removable device කියන එක උඩට ගන්නවා (අංක 1 ට), DVD එකෙන් නම් දාන්නේ DVD-Drive එක උඩට ගන්නවා.

Boot Menu එකට පිවිසීමට 

මේක වෙනස් වෙනවා Board එකෙන් Board එකට. සාමන්යෙන් F2,F9, F10, F12 , del  වගේ කීස් වලින් තමයි පිවිසෙන්න පුළුවන් වෙන්නේ. Windows 8,8.1,10 වලදී ටිකක් වෙනස් ක්‍රමයකුත් තියෙනවා. ඒක වෙනම කතා කරන්නම්

නිසි ආකාරව Boot මෙනු එක නැති අය BIOS වලට ගිහිල්ලා Boot Option Menu එකෙන් මේ Boot order එක හදන්න ඕනි. F5 ,F6 හෝ +, - වලින් අපිට පුළුවන් device එක boot menu එකේ උඩට පහලට යැවීමට.

GUI supported BIOS තියෙනවා නම් mouse එකෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. බොහෝ පරිගණක වල Boot option menu එකක් තියෙනවා. එකේදී Boot order හද හදා ඉන්න ඕනි නැහැ. F10, F12 වගේ කී එකකින් පිවිසීමෙන් අපට තිරයේ දිස්වෙනවා devices ටික. අපිට කැමති එක තෝරලා දෙන්න විතරයි තියෙන්නේ.


Previous
Next Post »