වයිෆයි ඉවරයි පුතේ. දැන් අලුත්ම තාක්ෂනය Li-Fi. මෙයාලා කියන විදියට වයිෆයි වලට වඩා 100 ගුණයකින් මේ Li-Fi වේගවත්.
දවසින් දවස තාක්ෂනය අලුත් වන ලෝකේ Infrared, Bluetooth, Wifi ... 5G තාක්ෂණයත් ලගදි සාර්ථකව අත්හදා බැලුවා. දැන් LiFi . මේකේ තේරුම Light Fidelity කියන එක.
මේකෙදි වෙන්නේ LED bulb එකකින් එක ආලෝකයෙන් දත්ත සම්ප්‍රේක්ෂණය වීම. මහාචාර්ය Harald Haas ට අනුව මේක තප්පරෙකට 1GB Data transfer කරන්න පුළුවන්. එයා තමයි මේ තාක්ෂනය සොයාගත්තේ. කොහොම නිකන් ස්පීඩ් එක. තප්පර 35 කින් SLT Family package එක ඉවරයි.. lol. (මේ වගේ තාක්ෂණ එනකොට පාරිභෝගිකයාටත් ඒවගේ පහසුකම් දෙනවා නම් මේ ලෝකේ තවත් ලස්සන වේවි.)
මේක අද ඊයේ ආපු දෙයක් නෙවෙයි. Google CES ගැන උනන්දු අය දන්නවා. අනාගතේ එන්න තියෙන තාක්ෂණ ගොඩක් CES එකේදී ඉදිරිපත් කරනවා. මේක ආවේ 2011. මෙයාලා කියනවා 2020 වෙනකොට wifi වගේම හැමතැනකම lifi තියේවි කියලා.
Sign up here with your email



ConversionConversion EmoticonEmoticon