ගූගල් දෙයියාගේ අලුත් වැඩක්. Google Tone. මේක මෙයාලා හදුන්වන්නේ මෙන්න මෙහෙම.
Tone: An experimental Chrome extension for instant sharing over audioමේකෙන් වෙන්නේ මෙහෙම දෙයක්. Sound එක හරහා link ශෙයා කිරීමක්. මේකෙදි වෙන්නේ ඔයාගේ Browser එකේ ටැබ් එකක් ශබ්දය ඇසෙන දුරින් තියෙන පරිගණකයක් වෙත හුවමාරු කිරීමයි.
මේකට ඕනි කරන Speaker සහ Mic වර්තමානයේ බොහෝ පරිගණක වල තියෙනවා.
මේක ඉතින් ලග තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කියන්නේ ශබ්දය ඇහෙන දුරින් විතරයි.
මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. බිත්ති වගේ බාදක හරහා ශබ්දය ගමන් කිරීමට නොහැකියාව වගේ ප්‍රශ්න තියෙනවා. අනික මේක beta testing නිසා අපිටත් ඇහෙනවා ශබ්දය. එයාලා කියන විදියට ඒක rough sound එකක්. මුලින් මිනිස් කනට ඇහෙන්නේ නැති විදියට මේක කරලා තියෙනවා එයාලා. එත් වර්තමානයේ තියෙන පරිගණකවල Mic එකට ඒ ශබ්දය ග්‍රහණය කරගන්න බැරි නිසා , ඒක අසාර්ථක වෙලා.
මේකට Google Chrome Browser එක ඕනි. ඊට පස්සේ මේ Extension එක දාගන්න.
Try කරලා බලන්න
මෙන්න හදුන්වාදීමේ වීඩියෝව.
Sign up here with your email


ConversionConversion EmoticonEmoticon